Jump to content

User talk:Wikipagegroup1

Page contents not supported in other languages.
From Wikipedia, the free encyclopedia
Covid-19 තත්ත්වය තුළ පරිශීලකයන්ට අඛණ්ඩ සේවාව සැපයීම සඳහා පුස්තකාල විසින් අන්තර්ජාලය භාවිතා කරන ආකාරය 
             
              පටුන

1. අන්තර්ජාලය හැදින්වීම.

2. Covid-19 රෝග තත්ත්වය පිළිබඳ හැඳින්වීම.

3. පුස්තකාල විසින් Covid -19 තත්ත්වය තුළ කටයුතු කරන ආකාරය පැහැදිලි කිරීම.

• ජාතික පුස්තකාලය

• මහජන පුස්තකාලය

• විශේෂ පුස්තකාල

• ශාස්ත්‍රීය පුස්තකාල

• පාසල් පුස්තකාල

4. අන්තර්ජාලය භාවිතා කිරීමේදී පැන නගින ගැටලු, විසඳුම් හා ඒවාට අදාල යෝජනා

5. සාරාංශය

6. Reference


1. අන්තර්ජාලය හැදින්වීම.

අන්තර්ජාලය යනු, ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි වූ, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සමන්විත වූ ජාලය අන්තර්ජාලය නැතහොත් Internet නම් වේ. ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආධාර සහිතව ප්‍රථමව බිහිවූ ARPANET ජාලය තවදුරටත් වැඩි දියුණු වෙමින් 1969 වර්ෂයේ අන්තර්ජාලය හෙවත් Internet උපත ලබයි. අන්තර්ජාලය යනු කුමක්දැයි යන්න නිර්වචනය කළහොත්, අන්තර්ජාලය යනු නව සංග්‍රහයේ සෑම පුද්ගලයකුටම පරිහරණය කළ හැකි තොරතුරු ගබඩාවකි කෙසේද යත් සෑම මාධ්‍යයක් හා සම්බන්ධ සියල්ල අන්තර්ගත මාධ්‍යයකි.(මධුභාෂිණී , 2008)

අන්තර්ජාලය ජනමාධ්‍යක් මෙන්ම ජනමාධ්‍ය වාහකයක් ලෙස ද සමහරු තර්ක කරති. උදෑසන පිබිදී තම පරිගණකය අසල හිඳගෙන බොත්තම තද කල සැනින් ලොව පුරා ඕනෑම පුවත්පතක් කියවීමේ අවස්ථාවද, ලොව ඕනෑම ගුවන් විදුලියට සවන් දීමේ හැකියාව ද අන්තර්ජාලය නිසා අද මිනිසාට ලැබී තිබේ. මේ නිසා අන්තර්ජාලය ජනමාධ්‍ය වාහකයක් ලෙස ද හැඳින්විය හැකිය (මලලසේකර, 2001)

මෙසේ අප කාටත් වැදගත් වන්නා වූ අන්තර්ජාලය හරහා උපයෝජකයන් ලබාගන්නා මහත් සේවාවන් රැසකි.

1. ලෝක ව්‍යාප්ත වියමන (World Wide Web)

ලෝක ව්‍යාප්ත වියමන හරහා ලොව පුරා පවතින්නාවූ තොරතුරු පරිගණක තිරය හා ක්ෂණිකව නැරඹීමේ හා කියවීමේ අවස්ථාව ලබා දී තිබේ.

2. ගොනු හුවමාරු නියමාවලිය (File Transfer Protocol)

මෙහිදී සිදුවනුයේ විශාල ප්‍රමාණයේ ගොනු අන්තර්ජාලයෙ පරිගණක අතර FTP භාවිතා කරමින් File හුවමාරු කිරීමයි.

3. දුරස්ථ පිවිසුම් (Remote Access)

අන්තර්ජාලය හරහා දුරස්ථව සිට පරිගණකයක් පාලනය හා හැසිරවීම සිදු කරන අතර සේවාදායක පරිගණක වල ඇති මෘදුකාංග සේවාලාභී පරිගණක වෙත ස්ථාපනය කිරීම හා දෝෂ නිරාකරණය හා නියාමනය සිදු කෙරේ.

 4. ගොනු බෙදා ගැනීම (File Sharing)

අන්තර්ජාලය හරහා පරිගණක - පරිගණක අතර විවිධ ගොනු වර්ග බෙදාහැරීම මෙහිදී සිදුවේ. නිදසුනක් ලෙස මාර්ගගතව විභාග ප්‍රතිඵල බලන විට අදාල ගොනුව විශාල පිරිසක් එකවර භාවිතය.

5. බහුමාධ්‍ය සැපයුම (Streaming of Media)

Text, Audio, Video හුවමාරුව හා දැකීමට, ඇසීමට හා නැරඹීමට අවස්ථාව ලබාදීම.

6. ලිපි හුවමාරුව E-mail)

Yahoo, Gmail භාවිතයෙන් මාර්ගගතව අඩු කාලයකින් ලිපි යැවීමේ හැකියාව.මේ හැරුණු විට Yahoo, amazon.com, ask.com, Google වැනි පහසු ක්‍රම සේවාදායකයන්ට ලබාදී ඇති අතර eBay, Alibaba වැනි මාර්ගගතව භාණ්ඩ මිලදී ගැනීම සඳහා ද අවස්ථාව උදා කර දී තිබේ. තවද අන්තර්ජාල තොරතුරු සෙවීම පහසු කිරීමේ අරමුණෙන් වාණිජ වෙබ් අඩවි (commercial websites) , ආයතනික වෙබ් අඩවි (organization websites) , ප්‍රවෘත්ති වෙබ් අඩවි (News sites) , බ්ලොග් අඩවි (Blog or web blogs) , විකි අඩවි (Wiki sites) , පාසල් වෙබ් අඩවි (School websites) , ශාස්ත්‍රීය අඩවි (Scholarly sites) ප්‍රශ්න හා පිළිතුරු අඩවි (Question and Answers sites) , සාකච්ඡා මණ්ඩප (Forums ) පරිශීලකයන් සඳහා තොරතුරු ලබා දෙන තවත් අවස්ථා වේ.


2. covid-19 රෝග තත්ත්වය පිළිබඳ හැඳින්වීම.

කොවිඩ් 19 නමින් හැදින්වෙන්නේ කොරෝනා වෛරසය මගින් මිනිසාට ඇති කෙරෙන බවට සොයාගත් නවතම වසංගත තත්වයයි. එය මුල් වරට වාර්තා වූයේ චීනයේ වූහාන් නම් නගරයෙනි. එය බොහෝ සෙයින් ඊට සමාන වෛරස් වවුලන් තුළ දැකිය හැකියි. ඉතා කුඩා වවුල් විශේෂයක් වන රයිනෝලොපස් වවුලන් මෙයට සමාන වෛරස් රැගෙන යයි. මිනිසුන් වෙත වෛරසය රැගෙන ආ මූලාරම්භකයා එය වීමට බොහෝ ඉඩ තිබේ. (www.bbc.com)

මෙම නව කොරෝනා වෛරසය රසායනාගාරයක කෘතිවම නිපදවනවාට වඩා සතුන්ගෙන් ආරම්භ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහි ප්‍රකාශිකා ෆෙඩෙලා චයිබ්(Fedela Chaib) මහත්මිය එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ (2020.04.21) පැවති මාධ්‍ය හමුවකදී එය පවසා තිබේ. එනම් බොහෝ දුරට මෙම වෛරසයේ වාහකයා වවුලන් විය හැකි බවයි. (Sinhala, Srilankamirror.com)

මෙම වෛරසය සතුන් අතර බහුලව දක්නට ලැබුණු විශාල වෛරස් සමූහයකි. විද්‍යdඥයින් පවසන අන්දමට, ඉතා දුර්ලභ අවස්ථා වලදී මෙය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රෙෂණය විය හැකි බවයි. එනම් MERS නොහොත් මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (Middle East Respiratory) මැදපෙරදිගදී 2012 ප්‍රථම වරට ශ්වසන ආබාධ ඇති කර තිබේ. එය වඩාත් දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර සීඩීසීයට අනුව, මාර්ස් ආසාදනය වූ සෑම රෝගීන් 10 දෙනෙකුගෙන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු මිය ගොස් තිබේ.

SARS යනු දැඩි උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (Severe Acute Respiratory Syndrome) ද වඩාත් දරුණු රෝග ලක්ෂණ ඇති කළ අනෙක් කොරෝනා වෛරසයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව චීනයේ ගුවැන්ඩොන් පළාතේදී ප්‍රථම වරට හදුනාගත් එය ශ්වසන ආබාධ ඇති කළ අතර ශ්වසන අපහසුතා වලට අමතරව පාචනය, තෙහෙට්ටුව, හුස්ම හිරවීම, සහ වකුගඩු අකර්මණයතාව වැනි රොග තත්ත්වද ඇති කරනු ලැබ ඇත. SARS වෛරස් කුලයට අයත් මෙම නව කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වීමත් සමග විශාල ආසාදිතයන් ප්‍රමාණයක් ලෙව පුරා විවිධ රට වලින් වාර්තා විය. මෙහි අනුපාතය අනුව 10% මරණයට පත්වන බව හොංකොං විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ වෛරස් විද්‍යdඥ පූන් පවසා තිබේ.

කොවිඩ් 19 වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රෙෂණය වන විට එය සිදු වන්නේ ආසාදිත පුද්ගලයාගේ i%dවයන් සමග යමෙකු සම්බන්ධ වූ විටයි. වෛරසය කෙතෙරම් දරුණුද යත් කැස්ස, කිවිසුම් යාම, හෝ අතට අත දීම වැනි අවස්තාවලදී නිරෝගී පුද්ගයා වෛරසවට නිරාවරණය වේ.(IK.theasianparent.com)

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස උණ, තෙහෙට්ටු බව, ඇගපතෙහි කැක්කුම, නාසයෙන් සොටු දියර ගැලීම, නාසය බරගතිය, උගුර කැසීම, සහ පාචනය, වැනි තත්ත්වයන් ඇති විය හැක. මෙම ලක්ෂණ බොහෝ විට ඉතා අවම වන අතර ක්‍රමයෙන් වර්ධනය වේ. එසේම රෝගී තත්වය ඇති වන ඇතැම් අයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. මෙහිදී වැඩි පිරිසක් ප්‍රතිකාර මගින් සුවය ලබන නමුත් කොවිඩ් 19 වැළදෙන සෑම 6 දෙනෙකුගෙන් 1 අයෙකුට ශ්වසන අපහසුතා තත්ත්ව ඇති වන බව වර්තා වේ. මෙහි දරුණු තත්වයට බොහෝ විට මුහුණපාන්නේ වයසින් වැඩි සහ අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, පවතින පුද්ගලයන්ය. (Sri Lanka Medical Association)

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටිපහ සීමාව ඉක්මවා සිටී. (2020.11.03) ඒ අනුව එම සංඛ්‍යාව 50,296,898 ලෙස දැක්විය හැක. එසේම ගෝලීය වශයෙන් නව මරණ සංඛ්‍යාව 1,225,045 ලෙස වාර්තා වන අතර සුවය ලැබූවන් 32,922,911 ලෙස දැක්විය හැක. ශ්‍රී ලංකාව තුළ දී වෛරය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා මාර්තු 11 වන දින වර්තා විය. දැනට 14 000 අධික පිරිසක් ආසාදනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 50 ඉක්මවා ඇත. (Colombotimes.lk) මේ අනුව 2020 මාර්තු 11 වන දින දිට මාස ගණනාවක් පුරාවට රට තුළ ඇදිරිනිතිය ක්‍රියාක්මක විය. එම කාලය තුළ පාඨකයාගේ සපුරාලීම සදහා පුස්තකාල මගින් විශාල දායකත්වයක් සපයන ලදි.

3. පුස්තකාල විසින් Covid -19 තත්ත්වය තුළ කටයුතු කරන ආකාරය පැහැදිලි කිරීම.

ජාතික පුස්තකාලය


සමාජ මාධ්‍ය යනු,“ තොරතුරු , අදහස් , පුද්ගලික පණිවිඩ හා වෙනත් අන්තර්ගතයන් බෙදාගැනීමට පරිශීලකයන් සබැඳි ප්‍රජාවක් නිර්මාණය කරන විද්‍යුත් සන්නිවේදන ආකාරයකි. ” ( Merrium Webster Dictionary)

සමාජ මාධ්‍ය යනු වෙබ් 2.0 හි සංවර්ධන තත්ත්වයකි. මෙහිදී සිදුවන්නේ අතථ්‍ය සමාජයක් නිර්මාණය කිරීමයි. එහිදී පරිශීලකයින්ට ඒ ඒ පැතිකඩ ඔස්සේ නිර්මාණය සඳහා ඒ ඒ වෙබ් පිටු මඟින් ඉඩ සලසා දෙනු ලැබේ. එමඟින් පරිශීලකයන්ට තම ඡායාරූප, වීඩියෝ සහ අදහස් අන් අය සමඟ හුවමාරු කරගත හැකිය. සරලවම ගතහොත් මෙය තාක්ෂණය භාවිත කර තවත් ප්‍රජා කණ්ඩායම් සමඟ ජාලගත වීමකි. මෙම සමාජ මාධ්‍ය Covid - 19 සමය තුළ පුස්තකාල මගින් තම සේවා පවත්වාගෙන යාම සඳහා භාවිත කරන ආකාරය පිළිබදව අධ්‍යනය කළ යුතුය. ජාතික පුස්තකාලය යනු රටක සියලුම බුද්ධිමය අන්තර්ගතයට හිමිකම් දරන ආයතනයයි. ජාතික පුස්තකාලය රටේ පවතින සියලුම බුද්ධිමය අන්තර්ගතයන්ගේ හිමිකරුවා මෙන්ම අනෙක් සියලුම පුස්තකාලයන්ට නායකත්වය සපයන ප්‍රමුඛ ආයතනයයි. අප ජාතික පුස්තකාලය තම ආයතනයෙන් පාඨකයාට සපයන සේවාව මෙම කොරෝනා සමයේ අන්තරාජාලය භාවිතයෙන් සිදුකරන ආකාරය පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත්ය. මෙම සමාජ මාධ්‍ය භාවිතයෙන් එම සේවා සිදුකළ ආකාරය විමසා බලමු.

නිල වෙබ් පිටුව - ජාතික පුස්තකාලය සතුව නිල වෙබ් පිටුවක් පවතී. ඒ හරහා සේවාවන් රැසක් ක්‍රියාත්මක කරයි. පුස්තකාල ආරම්භය, දැක්ම , මෙහෙවර මෙන්ම පුස්තකාලය මගින් සපයන සේවා , එකතුව ආදී සියලුම තොරතුරු මේ හරහා ඉදිරිපක් කර ඇත. http://www.natlib.lk මෙම Covid – 19 කාල සීමාව තුළ පුස්තකාලය වසා තැබෙන අතර ඒ පිළිබඳ වෙබ් පිටුව හරහා දැනුවත් කිරීම්සිදු කරයි.http://www.natlib.lk/our_ services/covid19.php පාඨකයන්ගේ තොරතුරු අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. එහිදී පාඨකයන්ගේ තොරතුරු අවශ්‍යතා වෙබ් පිටුවේ සදහන් දුරකතන අංක වෙත හෝ e-mail address එක වෙත යොමු කරන ලෙස දන්වා ඇත. එම අවශ්‍යතා මාර්ගගත ආකාරයෙන් පාඨකයා වෙත ලබා දීමට කටයුතු යොදා තිබේ. නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට පුස්තකාල සදහා උපදෙස් මාලාවක් මෙම වෙබ් පිටුව හරහා ඉදිරිපත් කර ඇත. පුස්තකාලය වෙත සම්බන්ධ විය හැකි දුරකතන අංක , විද්‍යුත් තැපෑල ආදිය වෙබ් පිටුවේ සදහන් කර ඇත. http://www.natlib.lk Skills Online Sri Lanka programme පිළිබද වෙබ් පිටුව හරහා දැනුවත් කර ඇත.

http://www.natlib.lk/soslp/index.html පුස්තකාලය මගින් සිදුකරන වැඩසටහන් , සම්මන්ත්‍රණ පිළිබද දැනුවත් කිරීම. http://www.natlib.lk/news/workshop.php

Facebook - මේ හරහා කොරෝනා වෛරසය පිළිබද පාඨකයා දැනුවත් කිරීම සිදුකරයි. එහිදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන සෞඛ්‍යාරක්ෂිතව සිටින ආකාරය පිළිබද දැනුවත් කිරීම සිදු කරයි. මෙම කාලසීමාව තුළ පාඨකයාට පුස්තකාලය වෙත පැමිණීමේ අපහසුතා පවතී. එහිදී පාඨක අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පුස්තකාලය මගින් අනුගමනය කරයි. ඒ පිළිබද උපදෙස් Facebook පිටුව හරහා ඉදිරිපත් කර ඇත. පුස්තකාලය මගින් පවත්වන විවිධ වැඩසටහන් පිළිබද දැනුවත් කිරීම සදහා Facebook පිටුව යොදාගෙන ඇත. මෙම කෙරෝනා සමය තුළ ජාතික පුස්තකාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව “ පුංචි අපිත් පොතක් ලියමු ” වැඩසටහන ක්‍රියාත්මක කිරීම. මේ පිළිබද දැනුවත් කිරීම් Facebook පිටුව හරහා සිදුවිය. පුස්තකාලය මගින් පවත්වන seminar පිළිබද පාඨකයන් දැනුවත් කිරීම සිදු කරයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීමට ජාතික පුස්තකාලය මගින් අනෙකුත් පුස්තකාල වෙත දැනුවත් කිරීම් සිදුකර ඇත. YouTube - ජාතික පුස්තකාලය මගින් YouTube channel එකක් පවත්වාගෙන යයි. එමගින් පුස්තකාලය මගින් සිදුකරන වැඩසටහන් පිළිබද පාඨක ප්‍රජාව දැනුවත් කිරීම සිදුකරයි. පාඨක අනුස්ථාපන වැඩසටහන් නිර්මාණය කර YouTube හරහා දැනුවත් කිරීම සිදුකරයි.

Twitter - මේ හරහා යාවත්කාලීන තොරතුරු එසැනින් ලබාදීම සිදුකරයි.


මහජන පුස්තකාල

මින්පෙර කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් තත්වයක් වර්තමානය තුළ මුළු ලෝකයම පසුකරමින් සිටින අවස්ථාවක් වන Covid-19 තත්ත්වය තුළ පරිශීලකයන්ට අඛණ්ඩ සේවාවක් සැපයීම සඳහා මහජන පුස්තකාල විසින් කටයුතු කරන ආකාරය මෙතැන් සිට සාකච්ඡා කෙරේ. මහජන පුස්තකාලයක් වූ කලී කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සියලු දෙනාගේම දැනුම් දොරටුවක් වන බැවින් වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ලෝකයේ පුස්තකාල ක්ෂේත්‍රයට ඉමහත් බලපෑමක් කර ඇති බව නොරහසකි. ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල පද්ධතිය දෙස බලන විට එය තවමත් දියුණු වෙමින් පවතින මට්ටමක ඇති බැවින් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මහජන පුස්තකාල වලින් සැලසෙන සේවය ප්‍රශංසනීය මට්ටමක පවතින්නේද යන්න තරමක් දුරට විවාදාත්මක කරුණකි.

ශ්‍රී ලංකාවේ පුස්තකාල පද්ධතිය පිළිබඳව ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් 2017 වර්ෂයේදී කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙරට පවත්නා මුලු මහජන පුස්තකාල සංඛ්‍යාව 1176 කි. මෙකී පුස්තකාල අතුරින් ඉතාම සුළු පිරිසක් පමණක් දියුණු තත්ත්වයේ පවතින අතර බොහෝ පුස්තකාල සාම්ප්‍රධායික පුස්තකාල රාමුව තුළ කටයුතු කරන බව නොරහසකි. නමුත් වර්තමානය වන විට උද්ගත වී ඇති මෙම Covid -19 තත්ත්වය තුළ මිනිසාගේ ජීවන තත්ත්වය, ආර්ථීකය හා අධ්‍යාපනය ඇතුළුව සියලුම ක්ෂේත්‍රයන් ඉතාමත් අවධානම් ත්ත්වයක පවතින හෙයින් මහජන පුස්තකාල වෙත ද පැවරී ඇති කාර්යභාරය ඉතා පුළුල් වේ. එනම් දරුවන් මෙන්ම දෙමාපියන්ද නිවෙස් වලට කොටුවී ඇති හෙයින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇත. අන් කවරදාකටත් වඩා පුස්තකාල වසා දැමීම පරිශීලකයන්ට දැඩි බලපෑමක් ඇති කර තිබේ.

ලංකාවේ බොහෝ මහජන පුස්තකාල තවමත් තමන්ගේ එකතුව මුද්‍රිත ප්‍රභවයන් ඔස්සේ පවත්වාගෙන යන අතර සමහර මහජන පුස්තකාල වල විද්‍යුත් සම්පත් නොමැති තරම්ය. එබැවින් පුස්තකාල වසා දැමීමත් සමඟ එකී පුස්තකාල වල විද්‍යුත් මූලාශ්‍ර නොමැතිකම හේතුවෙන් බොහෝ ගැටලු වලට මුහුණ දීමට සිදුවී ඇති බව මේ වන විට පෙනී තිබේ. මෙම තත්ත්වය තුළ පරිශීලකයන්ට අඛණ්ඩ සේවා සැලසීම සඳහා පුස්තකාල සඳහා තමන්ගේම වෙබ් අඩවියක් / බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම e books e journals E repository ආදී විද්‍යුත් මූලාශ්‍ර එකතුවක් පවත්වාගෙන යාම හා වෙබ් 2.0 සංරචක වන Podcasting, RSS feeds, Social media pages (Facebook, LinkedIn, You tube, Whatsapp) පවත්වාගෙන යන්නේ නම් මෙම තත්ත්වයට එකී පුස්තකාලයට පහසුවෙන් මුහුණ දීමට හැකියාව පවතී.

මෙරට පුස්තකාල ක්ෂේත්‍රයේ මව් ආයතනය වශයෙන් සැලකෙන ජාතික පුස්තකාලය මගින් මෙම Covid –19 තත්ත්වය තුළ මෙරට මහජන පුස්තකාල ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමින් දක්වා ඇත්තේ රෝගය සමාජගත වීම වැළැක්වීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි. ඒ අනුව පුස්තකාල ද්‍රව්‍ය සංසරණය මඟින් ඒවා භාවිතා කරන සියදහස් ගණන් පාඨකයන්ට රෝගය ආසාදනය විය හැකි බැවින් පුස්තකාල වෙත පාඨකයන්ගේ පැමිණීම අවම කිරීම සඳහා අවශ්‍ය නීති රීති පැනවීම හා පුස්තකාල වසා ඇති කාලපරිච්ඡේද වලට අදාළව දඩ මුදල් අයකර ගැනීමෙන් වැළැක්වීම හා බැහැර දුන් පොත් නැවත ලබා දිය යුතු දින දීර්ඝ කිරීම් ආදිය ඊමේල් හා සමාජ මාධ්‍ය මගින් සාමාජිකයන්ට දැනුවත් කිරීම සිදුකළ යුතු බවයි. මෙකී උපදෙස් වලට අනුකූල වෙමින් බොහෝ මහජන පුසුතකාල සිය පරිශීලකයන්ට අඛණ්ඩ සේවා සැපයීමට කටයුතු කරනු ලැබේ.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඊට සෘජුව මුහුණ දෙමින් පාඨකයන් සඳහා ඉතා ඉහළ සේවාවක් සපයන පුස්තකාලයක් ලෙස කොළඹ මහජන පුස්තකාලය සඳහන් කළ හැකිය. මහජන පුස්තකාලය මඟින් පාඨකයන් හට අන්තර්ජාලය හරහා සේවා සැපයීම සිදුකෙරේ.

■ රට තුළ මේ වන විට උද්ගත වී ඇති ව්‍යසනය පිළිබඳ චිත්‍ර ඇඳීම.

■ කථා ලිවීම.

■ අන්තර්ජාලය ඇසුරෙන් කථා පැය පවත්වාගෙන යාම.

■ පොත්වලට විචාර ලිවීම.

■ අන්තර්ජාලය ඇසුරින් විචාර වලට සවන් දීම.

■ නිවසේ සිරවී ගත කරන කාලය තුළ පරිශීලකයන්ට කියවීම සඳහා පොත් ස්කෑන් කර දැමීම.

හෙට්ටිපොල මහජන පුස්තකාලය විසින් ද තමන්ගේ සමාජ මාධ්‍යය ඔස්සේ සටහන් තබමින් පුස්තකාල කටයුතු පිළිබඳව පාඨකයන් දැනුවත් කර තිබේ. එලෙසම කිරිමැටියාන මහජන පුස්තකාලය මඟින්ද මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පාඨකයන්ට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විචිත්‍ර වීඩියෝ හරහා දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ. මෙකී ආකාරයට රටේ පවත්නා සම්පත් හා තාක්ෂණය උපරිම කාර්යක්ෂමතාවයකින් හා ඵලදායිතාවයකින් යුතුව උපයෝජනය කරමින් පාඨකයන් හට සාර්ථක සේවාවක් ලබා දීමට මහජන පුස්තකාල කටයුතු කරන බව මින් පැහැදිලි වේ.


විශේෂ පුස්තකාල


      විශේෂ පුස්තකාල යනු එක් සුවිශේෂී විෂය ක්ෂේත්‍රයකට හෝ විෂය ක්ෂේත්‍ර පරාසයකට පමණක් සීමා වූ සම්පත් එකතුවක් ඇති විශේෂ ක්ෂේත්‍රයක නියැලි ආයතනයක තොරතුරු අවශ්‍යතා සපුරාලීම සඳහා සංවිධානය වී ඇති පුස්තකාල යි. 

        උදා : තේ පර්යේෂණ පුස්තකාලය 
                 රබර් පර්යේෂණ පුස්තකාලය 

මෙහි අනෙක් පුස්තකාලවල මෙන් නොව නිශ්චිත ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ තොරතුරු එක් රැස් කර පවතී. බොහෝවිට මෙම පුස්තකාල භාවිතා කරනු ලබන්නේ අදාල ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති අයයි. එම නිසා Covid 19 කාලය තුළ විශේෂ පුස්තකාල හා පාඨකයා අතර සම්බන්ධය පවත්වාගෙන යාම අනෙක් පුස්තකාලවලට සාපේක්ෂව පහසු වෙයි. මක්නිසාද යත් විශේෂ පුස්තකාල සතුව නිශ්චිත පාඨක පිරිසක් සිටීමයි.

Covid 19 කාලය තුළ විශේෂ පුස්තකාලවල ක්‍රියාකාරීත්වය දෙස අවදානය යොමු කිරීමේදී Society of American Archivist විසින් Archivist at Home සංකල්පය හඳුන්වා දී ඇත. මෙමගින් නිවසේ සිට වැඩ කිරීමට තම පාඨකයා යොමු කරයි. Covid 19 කාලය තුළ පුස්තකාල එකතු සංරක්ෂණය පිළිබඳ ලැයිස්තු තබා ගැනීමට ALCTS ආයතනය කටයුතු කර ඇත. Covid 19 කාලය තුළ විශේෂ පුස්තකාල තම පාඨකයා හා සම්බන්ධ වීමට E resources උපකාරී කර ගන්නා ලදි. මෙහෙදී E mail, FB, Twitter, Viber, Whatsapp ආදී මූලාශ්‍ර උපයෝගී කරගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ ද විශේෂ පුස්තකාල මෙලෙස නව මාධ්‍ය හා සමාජ ජාල උපයෝගී කරගෙන තම සේවා ක්‍රියාත්මක කර ඇත.

     උදා : The American Institute of Sri Lanka Studies  ආයතනයේ පුස්තකාලය තම පාඨක අවශ්‍යතා සපුරාලීම සඳහා E mail භාවිතා කර ඇත. 
              Institute of Policy Studies ආයතනයේ පුස්තකාලය Zoom App හාරහා පාඨකයා සමඟ සම්බන්ධ වී ඇත. 
               Sri Lanka Science Foundation ආයතනයේ පුස්තකාලය මඟින් සංවිධානය කරනු ලබන world science day 2020 school program සදහා ලියපදිංචි කටයුතු whatsapp මඟින් සිදු කර ඇත. 
 මේ ආකරයට E resource මගින් බොහෝ විශේෂ පුස්තකාල තම සේවාව Covid 19 කාලය තුළද සපයා ඇත.


ශාස්ත්‍රීය පුස්තකාල

ශාස්ත්‍රීය පුස්තකාල වූ කලී ඕනෑම රටක ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවන්නා වූ ශිෂ්‍ය පරපුරට දැනුම හා තොරතුරු ලබා ගැනීමට ඉතාමත් ප්‍රයෝජනවත් සුවිශේෂී පුස්තකාල වර්ගයක් වන්නේය. ශාස්ත්‍රීය පුස්තකාල,

 විශ්වවිද්‍යාල පුස්තකාල  කොලේජ්පුස්තකාල

වශයෙන් වර්ග කොට දැක්විය හැකිය.පවත්නා වූ කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අන් සෑම වර්ගයේ පුස්තකාල වලට සේම ශාස්ත්‍රීය පුස්තකාල සදහා ද තම සේවාවන් පාඨකයා හට ලබා නොදී සිටීමට නොහැකිය. පාඨකයා යනු නිරන්තරයෙන් තොරතුරු පසුපස හඹා යන්නෙකි. එබැවින් මේ කාලපරිචය තුල ශාස්ත්‍රීය පුස්තකාල වලටද තම සේවාවන් පාඨකයාට ලබා දීමේදී බොහෝ අභියෝග වලට මුහුන දෙන්නට සිදු විය. නමුදු තාක්ෂණය ඒ සදහා කදිම විසදුම ලෙස ශාස්ත්‍රීය පුස්තකාල තෝරාගනු ලැබීය. ඒ අනූව කොවිඩ් 19 තත්වය තුල තම සේවාවන් පාඨකයාට නොනවත්වා ලබාදීම සදහා ශාස්ත්‍රීය පුස්තකාල විසින් අන්තර්ජාලය ප්‍රමුඛ ලෙස යොදාගනු ලැබීය.

ශාස්ත්‍රීය පුස්තකාල පාඨකයෙකුට ඇත්තේ නොසංසිදෙන තොරතුරු අවශ්‍යතාවකි. මේ කොවිඩ් 19 තත්ත්වය තුල එතෙක් පැවති සේවා ලබා දීමේ ක්‍රමවේදය කල නොහැක්කකි. ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ පාඨකයා හා කාර්යමණ්ඩලයේ ආරක්ෂාවටයි. එයට විසදුම ලෙස මාර්ගගත ආකාරයට ශාස්ත්‍රීය පුස්තකාල තම සේවාවන් ලබා දීමට කටයුතු කරනු ලැබීය. බොහෝ ශාස්ත්‍රීය පුස්තකාල පාඨක අවශ්‍යතා සැපිරීම උදෙසා online reference ක්‍රමය උපයෝගී කරගනු ලැබීය. Chat, Text , Email ආදී වශයෙන් පාඨකයාට අවශ්‍ය තොරතුරු සැපිරීමට කටයුතු කරනු ලැබීය. බොහෝ විශ්වවිද්‍යාලය පුස්තකාල මෙම ක්‍රමය උපයෝගී කොට ගෙන තම සේවාවන් ලබා දෙනු දිටිය හැකිය. නිදර්ශනයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය පුස්තකාලය දැක්විය හැකිය. කොවිඩ් 19 තත්ත්වය තුල එක් එක් විශයන්ට අදාලව ශිෂ්‍යයන්ට ඇතිවන බොහෝ ගැටලු සදහා විසදුම් ලබා දීම සදහා subject liaison Library Services ලෙස මාර්ගගතව විසදුම් ලබා දීමට කටයුතු කරනු ලැබූ අතර Email, chat ,ආදී ලෙස ශිෂ්‍යයන්ට අවශ්‍ය ගැටලුවිමසීමේ හැකියාව ලබා දී ඇත.

ශාස්ත්‍රීය පුස්තකාලවල පාඨක සමාජය නිරන්තර අධ්‍යන කටයුතු වල නිරත වන්නන් වේ. බොහෝ විට විද්‍යාර්තයන් ස්වයං අධ්‍යන කටයුතුවල නිරත වන බැවින් ඔවුන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් මාර්ගගත ආකාරයට ලබා දීම සදහා Repository, EBooks, E journals, database යනාදිය යොදාගනු ලැබීය. ලෝකයේ බොහෝ ශාස්ත්‍රීය පුස්තකාල මේ ක්‍රමය උපයෝගී කරගන්නා අතර නිදර්ශන ලෙස කැලණිය විශ්වවිද්‍යාල පුස්තකාලය, කොලඹ විශ්වවිද්‍යාල පුස්තකාලය ආදීය දැක්විය හැකිය. තවද විද්‍යාර්තයන්ට අවශ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර පවා මාර්ගගතව ලබා ගැනීමේ හැකියාව ලබා දීමට කටයුතු කොට ඇත.

කොවිඩ් 19 තත්ත්වය තුල ශාස්ත්‍රීය පුස්තකාල භාවිතා කරනු ලබන පර්යේෂකයන් බොහෝ අපහසුතාවට පත්වන්නට විය. ඊට විසදුම ලෙස අන්තර්ජාලය උපයෝගී කොටගෙන පර්යේෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබා දීමට කටයුතු කරනු ලැබීය. නිදසුන් වශයෙන් ස්මිත් කොලේජ් පුස්තකාලය ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා Research Help වශයෙන් පර්යේෂකයන් හට අවශ්‍ය දත්ත ලබා දීමට කටයුතු කරනු ලබයි. එපමණක් නොව ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාලය පුස්තකාල online research appintments ආදී ලෙස පර්යේෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබා දීමට කටයුතු කරනු ලැබීය. ශාස්ත්‍රීය පුස්තකාල මගින් තම සේවාවන් නොපිරිහෙලා ඉටකරලීම සදහා අන්තර්ජාලය ඉතා එලදායී ලෙස මේ වකවානුව තුල යොදා ගනු ලැබීය. ඒ අනූව ලෝකයේ බොහෝ ශාස්ත්‍රීය පුස්තකාල Interlibrary loan සේවය මාර්ගගත ආකාරයට ලබා දීමට කටයුතු කරනු ලැබීය. ඊට නිදර්ශන ලෙස ස්මිත් කොලේජ් පුස්තකාලය , MCPHS university library දැක්විය හැකිය. මෙමගින් තම පාඨකයාට අවශ්‍ය තොරතුරු වෙනත් පුස්තකාල වලින් ලබා ගැනීමට හැකියාව සපයා දෙනු ලබයි.

මෙම වසංගත තත්ත්වය හමුවේ ලොව පුරා බොහෝ විශ්වවිද්‍යාල හා කොලිජි වල අධ්‍යාපනික කටයුතු අඩාල වූ අතර අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ලබා දීම සදහා ඒ ඒ අධ්‍යාපනික ආයතනවල පුස්තකාල අන්තර්ජාලය උපයෝගී කරගනු ලැබීය. ඒ අනූව බොහෝ විශ්වවිද්‍යාලය පුස්තකාල හා කොලිජි පුස්තකාල මාර්ගගත ආකාරයට අධ්‍යාපනය ලබා දීම සදහා කටයුතු කරනු ලැබීය. Lincoln University Library මගින් support for teaching online ලෙස විද්‍යාර්තයන්හට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමට පහසුකම් ලබා දුන්නා සේම zoom, google meet, WebEx වැනි මෘදුකාංග යොදාගනිමින් දේශන ලබා දෙනු ලැබීය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සාම්ප්‍රදායික පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීම ආරක්ෂාවට තර්ජනයක් වීම හේතුවෙන් පුස්තකාල නව සාමාජිකයන් බදවා ගැනීම් කටයුතු ද මාර්ගගත ආකාරයට අන්තර්ජාලය යොදාගෙන සිදුකරනු ලැබීය. කැලණිය විශ්වවිද්‍යාල පුස්තකාලය , රුහුණු විශ්වවිද්‍යාල පුස්තකාලය , national post graduate college, සහා srilanka law college යනාදී බොහෝ ශාස්ත්‍රීය පුස්තකාල මේ ක්‍රමය උපයෝගී කොට ගෙන ඇත. එපමණක් නොව පුස්තකාල පිලිබද දැනුවත් කිරීම් එනම් නව විද්‍යාර්තයන් සදහා orientation ආදීය ලබා දීම සදහා අන්තර්ජාලය යොදා ගනිමින් you tube video , Facebook page ආදීය යොදා ගනිමින් සිදු කරනු ලැබීය. කැලණිය විශ්වවිද්‍යාල පුස්තකාලය 2020 වර්ශයේ නවක විද්‍යාර්තයන්හට පුස්තකාලය පිලිබද දැනුවත් කිරීම් අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරනු දැකගත හැකිවිය.

මෙම වසංගත කාලපරිච්ඡේදය හමුවේ ලොව පුරා බොහෝ ශාස්ත්‍රීය පුස්තකාල විවිධ වැඩමුළු , සම්මන්ත්‍රණ , webinar , e quiz ආදිය මාර්ගගත ආකාරයට සම්පාදනය කරනු ලැබීය. ලංකවේ බොහෝ විශ්වවිද්‍යාලය පුස්තකාල බොහෝ සම්මන්ත්‍රණ මාර්ගගත ආකාරයට ලබා දීමට කටයුතු කල අතර කැලණිය විශ්වවිද්‍යාල පුස්තකාලය , ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල පුස්තකාලය , ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පුස්තකාලය ආදීය ඊට නිදර්ශන වේ. ඉන්දියාවේ බොහෝ කොලේජි පුස්තකාල විවිධ වැඩමුළු සම්පාදනය කරනු ලැබීය. කොහා මෘදුකාංගය පිහිටවීමේ වැඩමුළු බොහෝමයක් ඉන්දියාවේ ශාස්ත්‍රීය පුස්තකාල විසින් මාර්ගගතව සංවිධානය කරනු ලැබීය.කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තම පාඨකයන්ට අවශ්‍ය සේවා කාර්‍යක්ෂමව හා වඩාත් ආරක්ෂාකාරි ලෙස ලබා දීම සදහා ශාස්ත්‍රීය පුස්තකාල අන්තර්ජාලය ඵලදායී ලෙස යොදාගත් බවට උක්ත කරුණු සාක්ෂි වන්නේය.


පාසල් පුස්තකාල

සැබවින්ම පාසලක් යනු, සිසුවාට විධිමත් හා නොවිධිමත් අධ්‍යාපනය ලබා දී, එම සිසුවා තුළ ප්‍රජානන ක්ෂේත්‍රයත්, මනෝචාලක ක්ෂේත්‍රයත් ආවේදන ක්ෂේත්‍රයත් වර්ධනය වන දැනුමෙන් කුසලතාවයන්ගෙන් ආකල්ප වලින් පරිපූර්ණ වූ මානව හිතවාදී පුද්ගලයෙකු දැයට දායාද කරන ස්ථානයකි.

මෙම කාර්ය සිදු කිරීම සඳහාත් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහාත් පුස්තකාලයෙන් ද ලබා දෙන්නේ මහඟු සේවාවකි.

පුස්තකාලය යන සංකල්පය අතීතයේ පටන් භාවිතා වූයේ පාසල් ප්‍රජාවට පොත් බැහැර දීමත් ලබාගැනීමත් යන කාර්යයන් සඳහා පමණි. නමුත් ඉගෙනුම් ක්‍රමවේදයන්ගේ ක්‍රමික දියුණුවීමත් සමග පුස්තකාලයේ කාර්යයන් හා ක්‍රියාවලියේ ද සුවිශේෂී වෙනසක් සිදු වී ඇත. මේ හේතුවෙන් සාම්ප්‍රධායිකව පැවති පුස්තකාල සංකල්පය වෙනුවට ඉගෙනුම් ඉගැන්වීම් සිදු කරන “ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් ” බවට වර්තමාන පුස්තකාලය පරිවර්ථනය වී ඇත.

පුස්තකාලයක් ලෙස හැඳින්විය හැක්කේ විධිමත් විෂය මාලාවත්, සැඟවුණ විෂය මාලාවත් සම්පූර්ණ කරන්නා වූ තොරතුරු සම්පත් මධ්‍යස්ථානයකට ය.1997 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අනුව කොන්සල් පුස්තකාලය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් බවට ප්‍රවර්ධනය විය. එනම්, පන්තිකාමර විෂය මාලාවට හා එදිනෙදා උගන්වන විෂය නිර්දේෂයට ගැලපෙන අයුරින් සමෝධානිකව තොරතුරු සපයා ගත යුතුය. ඒ අනුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහාය පාසල් පුස්තකාලයක් ලැබිය යුතුය.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇතිවී පවත්නා කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපනය තුළ දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ පාසල් පද්ධතිය තුලටයි. මෙලෙස පාසල් අධ්‍යාපන ක්‍රමය අඩාල වීම හේතුවෙන් සුවහසක් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රම පහසු කරවීම සඳහා ඇතැම් පාසල් පුස්තකාල මගින් ශිෂ්‍යයන්හට ඉගෙනුම් ක්‍රියාවලියට අත්‍යවශ්‍ය කරන්නා වූ පුස්තකාල පොත් පත් pdf මගින් හෝ තම පාසල් Facebook page හරහා සිසුන්ට ලබා දීමට කටයුතු කර ඇත. නමුත් මෙය සිදුව ඇත්තේ ප්‍රධාන පෙලේ පාසල් කීපයක් අතර පමණි. මෙම කොරෝනා වසංගත සමයේ නිසියාකාර ඉගෙනීමක් නොලැබෙන පාසල් සිසුන් සඳහා මීට වඩා යමක් පාසල් පුස්තකාල පද්ධතිය මගින් ඉටුවිය යුතුය. මෙම තත්වය ඇති වීමට පාසල් සතුව සම්පත් හිගතාවය මෙන්ම පාසල් පුස්තකාලාධිපතිවරුන් ගේ නොසැලකිළිමත් භාවය ද හේතු වූවා ද යන්න සැක සහිතය. කෙසේ වෙතත් මෙම කොරෝනා වසංගත සමය තුළ පාසල් සිසුන් වෙනුවෙන් පාසල් පුස්තකාල පද්ධතිය මගින් සැලකිය යුතු සේවාවක් ඉටු නොවූ බව පැහැදිලිය.


4. අන්තර්ජාලය භාවිතා කිරීමේදී පැන නගින ගැටලු, විසඳුම් හා ඒවාට අදාල යෝජනා


ඉහත කරුණු අනුව පෙනී යන්නේ අන්තර්ජාලය මිනිසාට බොහෝ සෙයින් උපයෝගී වන්නා වූ සේවාවක් බවයි. රටක් තුළ මෙවන් තත්වයක් උද්ගත වුවහොත් ආර්ථික හා සමාජමය වශයෙන් සිදු කරන සේවාවන් සඳහා අන්තර්ජාලය උපයෝගී කරගත හැකිය. මෙම මාතෘකාවට අනුවද කොවිඩ් 19 කාලය තුළ දී පුස්තකාල විසින් පරිශීලකයන්ට තම සේවාවන් සැපයීමට අන්තර්ජාලය උපයෝගි කරගන්නට විය.

            නමුත් මෙහිදී අන්තර්ජාලය භාවිතයේ ගැටලු අඩුපාඩු ද නැතුවාම නොවේ. මෙහි ප්රධානම ගැටලුවක් වන්නේ අන්තර්ජාල පහසුකම සියලු දෙනාටම නොතිබීමයි. කොවිඩ් 19 කාලය තුළ බොහෝ මහජන පුස්තකාල මගින් තම පරිශීලකයන්ට මහඟු සේවාවක් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන්නට විය. zoom app එක හරහා කුඩා ළමුන් හා සම්බන්ධ කරගනිමින් කොළඹ මහජන පුස්තකාලය මගින් විවිධ ක්රියාකරකම් සිදු කිරීමට පියවර ගනු ලැබීය. නමුත් මෙම අවස්ථාව සියලු දෙනාටම ලබාගත නොහැකි වන්නේ මෙම අන්තර්ජාල පහසුකම සියලු දෙනාටම නොමැති බැවිනි. 
අනෙක් ගැටලුව වන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ වීමට ඇති වන ගැටලුවයි. එනම් එනම් power failure  අපහසුතා ඇති වීමයි. අන්තර්ජාල පහසුකම තිබුණ ද signal නොමැතිකම නිසා එම සේවාව ලබා ගැනීමට පරිශීලකයන්ට හැකියාව නොමැත.

තවද වෙබ් අඩවි hacker වරුන්ගේ ග්රහණයට නතු වීම මෙහි ඇති තවත් ගැටලුවකි. එසේම නිරන්තර අන්තර්ජාල භාවිතය සෞඛ්ය ගැටලු ඇති වීමද ප්රධාන හේතුවක් බව අද වන විට සෞඛ්ය අංශ විසින් තහවුරු කර ඇත.

මේ අනුව පෙනී යන්නේ අන්තර්ජාලය වර්තමානය වන විට එය භාවිතා කරන්නන්ට ඉතා වටිනා සේවාවක් සේම හදිසි තත්වයක් තුළදි රටක් තුළ පවතින සෑම අංශයකින්ම මහජනයාට සැපයිය යුතු සේවාව සැපයීමට මහත් පිටිවහලක් වන්නාවු සේවාවක් බවයි.

5. සාරාංශය

චීනයේ “වූහාන්” නගරයෙන් මුල් වරට වාර්තා වූ Covid -19 වෛරසය හේතුවෙන් වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල ක්ෂේත්‍ර ගණනාවක ම සාමාන්‍ය පරිදි කටයුතු කිරීම් අඩාල වී තිබේ. මෙම වසංගත තත්ත්වය පුස්තකාල ක්ෂේත්‍රයට ද ඒ ආකාරයෙන් ම බලපා තිබේ. නමුදු නූතන තාක්ෂණයේ දියුණුව හේතු කොට ගෙන සමාජ ජාල මාධ්‍ය භාවිත කරමින් ස්වකීය සේවාව පාඨක ප්‍රජාව වෙත ගෙන යාමට පුස්තකාල ක්ෂේත්‍රය සමත් වී ඇති බව හදුනාගත හැකි ය. සමාජ මාධ්‍ය යනු වෙබ් 2.0 හි සංවර්ධන තත්ත්වයකි. සරලව ම ගතහොත් මෙය තාක්ෂණය භාවිතා කරමින් තවත් ප්‍රජා කණ්ඩායම් සමඟ ජාල ගත වීමකි. රටක සියලුම බුද්ධිමය අන්තර්ගතයට හිමිකම් දරණ ජාතික පුස්තකාලය මඟින් Covid -19 කාල සීමාව තුළ තම පුස්තකාලය මඟින් ඉටු කරනු ලබන සේවාවන් පිළිබඳ ප්‍රධාන වශයෙන් ම මහජනයාව දැනුවත් කරනු ලැබුවේ ඔවුන්ගේ නිල වෙබ් පිටුව හරහා යි. සමාජ මාධ්‍ය භාවිත කරමින් ජාතික පුස්තකාලය මඟින් ස්වකීය පාඨකයන් වෙත සේවා ලබා දීමට සමත් වී තිබේ. විශ්වවිද්‍යාල හා කොලිජි පුස්තකාල ඉගෙනුම් ක්‍රියාවන්හි නිරත වන ශිෂ්‍ය පරපුරට දැනුම ලබා ගැනීමට උපකාරී වන පුස්තකාල විශේෂයකි. බොහෝ ශාස්ත්‍රීය පුස්තකාල Online Reference ක්‍රමය පාඨක අවශ්‍යතා සැපිරීම සඳහා යොදා ගෙන තිබේ. පාඨක තොරතුරු අවශ්‍යතා සපුරාලීම සඳහා Chat, Text, E- mail ආදිය යොදා ගෙන තිබේ. එතරම් ම දියුණු මට්ටමකින් නොවුණ ද ශ්‍රී ලාංකීය මහජන පුස්තකාල ද සමාජ මාධ්‍ය භාවිතා කරමින් ස්වකීය පුස්තකාල සේවාවන් පාඨකයා වෙත ගෙන යාමට උත්සාහ දරා තිබෙනු දැක ගත හැකිය. කතා ලිවීම අන්තර්ජාලය ඇසුරෙන් කතා පැය පවත්වා ගෙන යාම අන්තර්ජාලය ඇසුරෙන් විචාරවලට සවන් දීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පාඨකයින්ට කියවීමට පොත් නිකුත් කිරීම ආදිය සිදු කරන ලදී. වත්මන වන විට ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාකයක් බවට පත්ව ඇති පාසල් පුස්තකාලය ද මෙම Covid-19 වසංගත හමුවේ තම සේවාවන් සිය පාඨකයන් වෙත ලබා දීම සඳහා පොත් pdf ලෙස දීමට කටයුතු කර තිබේ. නමුත් එය ප්‍රධාන පාසල් කිහිපයක පමණක් සිදුවන නිසා මෙම වසංගත කාල වකවානුව තුළ නිසියාකාර අධ්‍යාපනයක් නොලබා නිවසට වී සිටින දරුවන් පිළිබඳ පාසල් පුස්තකාලයන්හි අවධානය යොමුවන්නේ නම් මැනවි.


6. Reference

Fernando, I., & Jayasekara, K. (2020 September). Reopening the academic library in the post-pandemic season : A lesson-learned from the COVID-19 pandemic. Journal of the University Librarians Association of srilanka , 47-70.

Wijetunge, P. (2020, October 04). Challenges of covid 19 on srilanka.

National Library and Documentation Service Board (2018). Statistical handbook on libraries in Sri Lanka.http:// www.natlib.lk/pdf/statlib 2018.Pdf

http ://www.natlib.lk/img/covid19/advisory04_p001_s.jpg

Social media Pages-Official Facebook pages

• National library of srilanka

• Colombo Public Library

• Kirimetiyana Public library

• Hettipola Public Library

• Niwithigala Public Library

Education programs

[edit]

Hi, it sounds like this is part of an Education Program. If so, please follow the instructions here to ensure you are following the appropriate protocols. If you have questions or need help, you can ask at the Education noticeboard. S0091 (talk) 23:03, 28 November 2020 (UTC)[reply]