User:D.kumara narayan
උඩරට කුල ක්‍රමය
මධ්‍ය කඳුකරයේ උඩරට රාජධානියේ සමහර සම්ප්රදායයන්, 1818 දී එය බිඳ වැටීමෙන් පසුවද, කුල ක්රමයන්හි සුවිශේෂ ආකෘතීන් තුළ පශ්චාත් නිදහස් යුගය දක්වා සුරැකිව පැවතුණේය. එම පැරණි ක්රමයේ වඩා වැදගත් අංගයක් වූවේ 'රාජකාරියයි'. නැතහොත් රජුගේ වැඩයි. එවැනි එක් එක් කුලයට විශේෂිත රැකියාවක් තිබුණු අතර ඒ අනුව රජ මාළිගයේ හෝ ආගමික ආයතනවල සේවය කළ යුතු විය.
කුලය සහ රැකියාව අතර තිබෙන සම්බන්ධය මධ්‍ය කඳුකරයේ අද ද ඉතා දැඩිව පවතී. නුවර පෙරහැර සහ හින්දු දෙවිවරු සඳහා වාර්ෂිකව පවත්වන උත්සවවල විවිධ කුලයන් ඔවුන්ට ආවේණික සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් කරති. උඩරට ගොයිගම කුලයේ අය පහත රට ඒ කුලයට වඩා වෙනස් වේ. මක්නිසාද යත් ඔව්හු තමන්ගේ කුලය තුළම රැකියාවෙන් වෙන් වශයෙන් බෙදා ගෙන සුරැකිව පවත්වා ගෙන යන හෙයිනි. ඒ කෙසේද යත් එෙඬ්ර (පට්ටි), දැව කපන්නන් (පොරොවකාර) ආදී වශයෙනි. පහත රට ගොයිගම කුලය තුළ මෙම උපකුල ක්‍රමය වියැකී ගොසිනි. යුරෝපීය නම්බුනාම තනතුරුවල නමින් වඩා ඉහළ තත්වයන් හඳුන්වා දුන් අතර ඒවා වැඩවසම් යුගයේ පැරණි තනතුරුවලට වඩා උසස් විය. පාරම්පරික නිවාස, නින්දගම් හෝ වාසගම්, වලව්ව හෝ ගෙදර සිහිපත් කෙරෙමින් ඇසෙන ගෞරවවාචී නාම, වාසගම් 1980 දී තරම් මෑත කාලයේදී පවා පැරණි වංශවත් පෙළපත් නාම මතක් කරවයි. එසේ වුවද සාමාන්‍ය ගොයිගම කුලයේ අය හා එවැනි වංශවත් පවුල් අතර විවාහයක් සිදු වන්නේ කලාතුරකිනි.
බ්‍රාහ්මණ, මහා සම්මත පෙළපත, මනුවංශ, සුද්ධ සූරිය වංශ යන මංජු ශ්‍රී නමින් මතු බුදුවන රාවණ පරපුරෙන්, යක්හෙළ, විශ්ව කර්ම, නවන්දන්නා නමින් හඳුන්වන මොවුන්ව ශිල්ප නවයක් දන්නා බව පැවසුවත් අලුත් අලුත් දේ නිපදවන්නා නවන්දන්නා නවකම් දන්නා බවට මහාවංශය ද මොවුන් ගැන විග්රහ කරයි. ස්වර්ණාභරණ චිත්‍ර ආදී ශිල්පයන් අතර කම්මල් ශිල්පයද ඒ හා සමානව විශේෂය. කම්මල් ශිල්පයෙහි යෙදුණත් ඊට වඩා තවත් බොහෝ ශිල්පවල යෙදෙන්නේ නම් ඔහු මුලාචාරී, ස්ථපති නමින් හැඳින්වේ. මෙම නවන්දන්නා පරපුර ලෝකයේ මෙතෙක් පහළ වූ ශිල්පීහු ආචාරි, ආචාරීන්, ආචාරිගේ මූලාචාරි, මුලාචාරීන්, මුලාචාරිගේ ස්ථපති, නයිදෙ (නායකයා), නාච්චිරේ (නායක ස්ත්‍රිය) බඩල්ගේ (භාණ්ඩාගාරික), මුදලි, මුහන්දිරම් වැනි එදා පැවති ඉහළම උපාධි තනතුරුවලින් පිදුම් ලැබූහ.රන්, රිදී, තඹ තල්පත්, තුඩපත් සන්නස් මගින් නින්දගම් කෝරළවල දිසාපති නිලතල, රාජ සභාවේ විවිධ තනතුරු මෙම නොයෙක් ගරු නම්බු, රත්‍රං අභරණ ආදිය කැමති සේ ඇඳ පැලඳීමට මෙන්ම හත් පොටකින් අලංකාර කරන ලද සිරිගෝ මාලය මෙම පරපුරේ ස්ත්රීන්ට පමණක් පැලඳීමේ අවසරය ආදිය ලබා දෙමින් සංග්‍රහ කිරීම ඒ ඒ ක්ෂේත්රවල අයගේත් කලාවේත් අභිවෘද්ධියට හේතු විය. ගංගාරාම විහාරස්ථානයේ වැඩ නිම කළ ශිල්පියාට වෙනත් තෑගි බෝගවලට අමතර සම්පූර්ණ රජ ඇඳුමක් පවා පරිත්‍යාග කර ඇත. ඒ බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ “මධ්‍යකාලීන සිංහල කලා’ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ නැතත් රජ ඇඳුම් ඇඳීමට මොවුන්ට අවසර තිබිණි. මොහුනට රාජසභාවේ ඉහල නිලතල ලැබූ නිසාත් රජතුමාගේ රාජාභරණ හා රන් ඔටුන්න නිපදවීමාත් එහි භාරකාරත්වයත් නිසා රදලයන්ට මෙන් සමාන පිලිගැනීමක් විය.
උඩරට පෙදෙසේ මහනුවර දිස්ත්‍රික්කයේ බත්ගම හෙවත් පදු නම් තවත් ගොවිතැන හා සම්බන්ධ කුලයක ජනතාව වෙසෙති. මේ අය බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ගොවිතැන් කටයුතු කළ කුලවල අය ඒකාබද්ධ කිරීමේදී ඉන් පලා ගිය අයයි. ආහාර සොයමින් හා දඩයමින් යැපෙන, ගෝත්‍රික ගති ලක්ෂණ නිරූපණය කරන රොඩියා සහ කින්නරයා වැනි කුලහීනයින් අනිකුත් ජන කොටස්වලින් අනාදිමත් කාලයක් තිස්සේ දුරස්ථව වෙසෙන්නේ ඔවුන්ගේ කුලෑටි, යටහත් පහත් ගති ලක්ෂණ හේතුවෙනි. සෑම ප්‍රදේශයකම පාහේ සේවා සපයන කණ්ඩායම් සිටිති. හේන නැතහොත් රදා කුලයේ අය සාම්ප්‍රදායික රෙදි අපුල්ලන්නෝය. ඔව්හු අදද එම සේවයේ වැඩි අධිකාරයක් හිමි කරගෙන සිටිති. බෙරව යනු ආගමික ස්ථානවල බෙර දවුල් වයන්නන්ය. ඔව්හු බොහෝ ගම්වල කෘෂිකාර්මික කටයුතුවල යෙදෙති. නවන්දන්න හෙවත් ආචාරි වර්ගයා සාම්ප්‍රදායිකව නිර්මාණ ශිල්පීන්ය. කඳුකර ප්‍රදේශවල අභ්‍යන්තරයෙහි වහුම්පුර ජනයා වෙසෙති. ඔව්හු පාරම්පරික හකුරු, පැණි කර්මාන්තයෙහි යෙදෙන්නෝය. ඔවුන් රට පුරාම විසිරී සිටින අතර විවිධ ආකාරයේ රැකියා කරති. විශේෂයෙන් ගොවිතැන් කටයුතුය.
මූලාශ්‍ර - රොබට් නොක්ස්ගේ එදා හෙලදිව හා නසීර් හුසේන්ගේ caste system in sri lanka කෘතින් ය.